නිදහස් පක්ෂ නායකයින්ගේ සුහදතාව වර්ධනය කරන්න සැලැස්මක්

Wednesday, 17 June 2015 - 7:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B6%AF%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම, සන්ධානයේ ජයග්‍රහණය වන බැවින් ඉදිරියේදී පක්ෂයේ නායකයින් අතර සුහදතාව වර්ධනය කර කටයුතු කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් විශේෂ කමිටුවක් ද මේ සඳහා පත් කර ඇති බවයි.

නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පක්ෂයට අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් ඊයේ (16) දහවල් විශේෂ රැස්වීමක් කොළඹ දී පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එම රැස්වීමේදී ගනු ලැබු තීරණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිදහස් සන්ධාන මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙම කමිටුවට තමන්ට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න, නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් බවයි.

ඊයේ පැවති මෙම හමුවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරගෙන යාමට නොහැකි නම් සන්ධානයට ආණ්ඩුව භාරදී ඉවත්වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ප්‍රතික්ෂේප වූ කණ්ඩායමකට ආණ්ඩුව භාර දිය නොහැකි බවයි.  

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවැති නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවට එක්ව සිටි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා සිටියේ මැරුණු අප්පච්චි යළි උට්ඨානය වී ඇති බවයි.  



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More