ජනතාවට අවස්ථාවක් දෙන්න - ජවිපෙ

Wednesday, 17 June 2015 - 8:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට අලූත් ආණ්ඩුවක් පත් කරගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මොණරාගල ඊයේ (16) පැවති ජන හමුවකට එක්වෙමින්.  

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ එකඟතාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ දින 160 ක් ගතව ඇතත් පාර්ලිමේන්තුව විසුරුවා නොමැති බවයි.