20 න් සුළු පක්ෂවලට හානියක් නැහැ - ජනපතිගෙන් සහතිකයක්

Wednesday, 17 June 2015 - 19:42

20+%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව මැතිවරණ ක්‍රම සංශෝධනය ක්‍රියාත්මක වීමේදී සුළු පක්ෂවලට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රකාශ කළා. එහි නායක පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සමඟ අද (17) පැවති සාකච්ඡාවකින් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවන බව  මුස්ලිම් කොංග්‍රසයද  ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ එම සාකච්ඡාවෙන් පසුව ඒ පිලිබදව තම පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි. විසිවන සංශෝධනය මේ වනවිට ගැසට් කර අවසන්.