'තමන්ට එරෙහි විශ්වාසභංගය බඩු මිල අඩුකළ නිසයි' - මුදල් ඇමති රවී

Wednesday, 17 June 2015 - 19:58

%27%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%27+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් අද (17) එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී මාධ්‍යවේදියෙකු මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය කරවීමට කැපවීමෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේදී එය සාකච්ඡාකර වළක්වා ගැනීමට  නොහැකිවූයේ මන්ද යන්නයි. ඊට මුදල් අමාත්‍ය රවී කරුණානායක පිළිතුරු ලබාදුන් අතර සමාජසේවා හා සුබසාධන අමාත්‍ය පී.හැරිසන් ද මැදිහත්වුණා. එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ  බඩු මිල අඩු කිරීමට කටයුතු කිරීම නිසා තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ බවයි.