ආනයනික පරිප්පු හා තෙල් සඳහා බදු සංශෝධනය

Wednesday, 17 June 2015 - 21:55

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%8F++%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවනතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාවය වැලැක්වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු, රතු පරිප්පු  හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක් පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 5ක් වූ ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා ශත 25 ක් දක්වා පහත දමනු ලැබූ බව මුදල් අමාත්‍ය මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

 මේ අනුව පරිප්පු කිලෝවක් සඳහා අය කළ  රුපියල් 5ක  බද්ද  රුපියල් 4.75 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන  අමාත්‍යවරයා  නිවේදනයකින් දක්වා තිබේ.

එසේම දේශීය වෙළඳපොළ තුල පොල් හා පොල්තෙල් මිල ඉහළ  යාම හා ආනයනික පොල්තෙල් නොවන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ග පොල්තෙල් සමඟ මිශ්‍ර කර අළෙවි කිරීම පිළිබද ලැබී ඇති පැමිණිලි හේතුවෙන් එවැනි කූට වෙළදාම් අධෛර්යමත් කිරීම පහසු වන පරිදි ආනයනය කරන ආහාරයට ගනු ලබන  අනෙකුත් තෙල් වර්ගයන්හි බොරතෙල් සඳහා මෙතෙක් පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 90ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රජය විසින් අද (17)  සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 110ක් දක්වා ඉහළ දමා ඇත.

  2015.06.16 දිනැති අංක 1919/33 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම සංශෝධනයන් සිදු කරනු ලැබ තිබේ


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More