මහින්ද - මෛත්‍රී එක් කරන කමිටුව ජනපති හමුවෙයි

Thursday, 18 June 2015 - 7:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා පත් කළ කමිටුව අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කමිටුව පෙරේදා රාත්‍රියේ රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. එහිදී හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ඇති බාධා සහ ඊට හේතුවන කරුණු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාකර තිබෙනවා.

පසුගිය 16 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, මැති ඇමතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කරගැනීම සඳහා මන්ත්‍රීවරුන් 6 කගෙන් යුත් කමිටුවක් පත් කෙරුණා.

 ඊට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න, නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත්.