ශ්‍රී ලංකන් ගුවන් යානයක් වායු රික්තකයකට හසුවී 5 ක් රෝහලේ

Thursday, 18 June 2015 - 12:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%93+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබෑම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් අනපේක්ෂිත වායු රික්තකයකට හසුවීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යූ.එල්. 564 දරණ මෙම ගුවන් යානය අද අලූයම පහට පමණ  වායු රික්තකයකට හසුවී ඇත්තේ මෙරට ගුවන් කලාපයට ඇතුලූවීමත් සමඟයි. එම අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 193 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට ඉන් හානියක් සිදුවී නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගුවන් යානා වායු රික්තකයන්ට හසුවීම සාමාන්‍ය තත්ත්වයක් වනවා. එහිදී සිදුවන්නේ ගුවන් යානය එක්වරම පහළට ඇදී යාමයි. කෙසේ වෙතත් තුවාල ලැබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.