සිසුවෙකු ඝාතනය කළ CCD අධ්‍යක්ෂකට දඬුවම්

Thursday, 18 June 2015 - 16:53

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+CCD+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි, රොෂාන් ද සිල්වා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 8 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ 1990 වසරේ ජනවාරි මාසයේදී හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී ඉංගිරිය ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

පානදුර මහාධිකරණයේ මෙම නඩුව ගොනුකරනු ලැබුවේ 2006 වසරේදීයි. පානදුර මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඞ්.රසීම් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, එහිදී සිරදඬුවම්වලට අමතරව ඔවුන් තිදෙනාට රුපියල් 25,000 බැගින් දඩ නියම කළා. වසර 25 කට පෙර සිදුවූ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (18) දිනයේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොත වනතුරු පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා.


එස්.එෆ්. ලොක්කාට වෙඩිතබා ඝාතනය කරන විට අනෙක් අසුනේ සිටි පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More