Update: වැසිකිලි වලකට වැටුණු කාන්තාවක් සහ බේරා ගැනීමට ගිය 3 දෙනෙකු මරුට

Friday, 19 June 2015 - 10:42

Update%3A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රඹුක්කන - පරපේ - මීදෙණියවත්ත ප්‍රදේශයේදී වැසිකිලිවලකට වැටී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද (19) උදෑසන මිදුල අතුගෑමෙන් අනතුරුව 34 හැවිරිදි ජීවිතක්ෂයට පත්වු කාන්තාව වැසිකිලිවල ආසන්නයට කුණු දැමීමට ගිය අවස්ථාවේදී එහි බැම්ම කඩා වැටී වැසිකිලිවලට ඇද වැටී තිබෙනවා. එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා පැමිණි අසල්වැසි නිවෙස්වල පදිංචි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ද වැසිකිලි වලේ ඇති විෂ වායුව ආඝ්‍රාණය වී ඊට ඇද වැටී ඇති බව සඳහන්. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38, 44 සහ 58 යන වයස්වල පසුවූ පුද්ගලයන් තිදෙනෙක්. මෙම පිරිස ගොඩගැනීම සඳහා ඉදිරිපත් වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකුද විෂ වායුව ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර, ඉන් තිදෙනෙක් රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබනවා. බරපතල තත්ත්වයේ පසුවු අනෙක් පුද්ගලයා කෑගල්ල රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.