විස්ස ලබන සතියේ මැතිසබයට

Friday, 19 June 2015 - 18:36

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7
විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අද (19) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. මේ බව අනාවරණය වුණේ මෙම රැස්වීමෙන් අනතුරුව එහිදී ගත් තීරණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදීයි. අද පෙරවරුවේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණ යටතේ තනිව තරඟ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා ඉල්ලා අස්කර ගත යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගත් බවයි.


2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්
Wednesday, 05 August 2020 - 17:01

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටිය පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More