LTTE ජාත්‍යන්තර ජාලය තවමත් සක්‍රීයයි - ඇමරිකාව

Saturday, 20 June 2015 - 13:01

LTTE+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට තුළ දී යුදමය වශයෙන් පරාජය කළ ද එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය තවදුරටත් සක්‍රීයව පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ මූල්‍යමය සහාය ද එලෙසින්ම පවතින බවයි ත්‍රස්තවාදය පිළිබඳ 2014 වසරේ වාර්තාව ඉදිරිපත් කරමින් ඇමරිකාව ප්‍රකාශ කළේ. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර කිසිවක් වාර්තා වූයේ නැහැ. එහෙත් විදේශයන්හි එවැනි ප්‍රහාරවලට සැරසුණු එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් 13 දෙනෙකු පසුගිය වසරේ මලයාසියාවේදී අත්අඩංගුවට ගැනුණා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙරට දී සිදුකළ ඝාතන මෙන්ම හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු විදේශයන්හි දී එල්ල කළ ප්‍රහාර පිළිබඳව ද ඇමරිකානු වාර්තාව මගින් සිහිපත් කර තිබෙනවා. ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමට උත්සාහ කරන බවට සැක කෙරෙන සංවිධාන 16ක් සහ පුද්ගලයන් 422 ලක් රජය මගින් පසුගිය වසරේදී නම් කළ බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.