වැලිකඩ නිවසක ඇඳක් මත ඇටසැකිල්ලක්

Monday, 22 June 2015 - 10:52

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%87%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%87%E0%B6%A7%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් ඊයේ පස්වරුවේ පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 55 ක් පමණ වන බවයි. මොහු මියගියේ කෙලෙසද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, සැමියා පිළිබඳව තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට ඊයේ පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. නිවසේ කිසිවෙකු නොමැතිවීම හේතුවෙන් දොරගුලූ කඩා නිවසට ඇතුලූවූ අවස්ථාවේදී බිරිඳ ඇඳ මත තිබූ මෙම ඇටසැකිල්ල දැක තිබෙනවා. ඒ අනුව බිරිඳ මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මීට පෙර පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක තිබී සහෝදරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් හමුවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන් අදාළ සොහොයුරියන් ජීවත් වූ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘතව තිබීම හේතුවෙන් ඔවුන්ගේ සොහොයුරා වෙත ඒ බව දැනුම් දී ඇති බවයි. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී මියගිය සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් සොයාගත්තේ පසුගිය මාර්තු මාසයේදියි.