ලොරියකට අරන්තලාවේදී පොලීසියෙන් වෙඩි

Tuesday, 23 June 2015 - 9:36

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
අම්පාර - මහඔය අරන්තලාව - පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද (23) අලූයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. කිසියම් පිරිසක් ගවයින් සොරකම් කර ලොරියකින් රැගෙන යන බවට අරන්තලාව - මංගලගම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව පොලීසිය අදාළ රථය නතර කරන ලෙසට සංඥා කළ ද එය වේගයෙන් ඉදිරියට ධාවනය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. එම අවස්ථාවේ මංගලගමේ පොලිස් මුරපළේ නිලධාරීන් ඉදිරියෙන් පිහිටි අරන්තලාව පොලිස් මුරපළට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා. අරන්තලාව පොලිස් මුරපොළ පසු කරමින් අදාළ ලොරි රථය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙනුයි පොලීසිය ඊට වෙඩි තබා ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් ලොරිය පිටුපස සිටි පුද්ගලයෙකු වෙඩි වැදී මිය ගියා. පළා ගිය ලොරිය බොරපන ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී සොයා ගත් අතර එහි ගවයින් නොසිටි බවයි පොලීසිය සදහන් කළේ.