Update: නිමල්ගේ විරෝධය ප්‍රතික්ෂේපයි - කල් තැබීමේ විවාදයට අවසර

Tuesday, 23 June 2015 - 14:57

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් අද (23) දිනයේදී කල් තැබීමේ විවාදයක් ආරම්භ නොකරන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීම කථානායක චමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කළා. මීට අදාළව කරුණු දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති පනත් කෙටුම්පතක් පිළිබඳ විවාද කිරීම සම්ප්‍රදායට පටහැනි බවයි.

කෙසේ වෙතත් දැනට ගැසට් කර ඇති මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ බොහෝ කරුණු නොදන්නා බැවින් මේ පිළිබඳ සාකච්ඡා  කිරීම අත්‍යාවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුවේ මෙවැනි විවාදයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ස්ථාවර නියෝගවලට පටහැනි නම් ඊට අදාළ වගන්ති පෙන්වා දෙන ලෙසයි. අනතුරුව සියලූ කරුණු සළකා බැලූ කථානායක චමල් රාජපක්ෂ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන්වන කල්තැබීමේ විවාදය ආරම්භ කිරීමට අවසර ලබාදුන්නා.