ජවිපෙ ආසයි බයයි - එස්. බී

Wednesday, 24 June 2015 - 13:10

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%86%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B6%E0%B7%93
පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ කැමති වුවත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔවුන් බියක් දක්වන බව අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. යෝජිත 20 වන සංශෝධනයට ජවිපෙ අකමැති බවත්, ඔවුන් විවිධ ප්‍රකාශ සිදුකරමින් එය සගවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.