පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 20 සම්මත කිරීමෙන් පසු

Thursday, 25 June 2015 - 8:04

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+20+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනිම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවට දේශපාලන කරලියේ මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. කෙසේ නමුත් විසිවන සංශෝධනය සම්මත කරන තුරු එය අවිනිශ්චිත කරුණක් වී ඇති බව අප අදහස් විමසූ ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්. කෙසේ නමුත් නුදුරේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරේද නැද්ද යන්න පිළිබඳව දේශපාලන සමාජය තුළ පවතින්නේ විවිධ අදහස්.  

මේ අතර පාර්ලිමේන්තුව නුදුරු දිනකදී විසුරුවා හැරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී මෙන්ම මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළවුණා.  

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාද ප්‍රකාශ කළේ විසිවන සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි. ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ පස්වරුවේ කොළඹදී කැඳවා තිබූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.