සාකච්ඡාව සාර්ථකයි - ඩිලාන්

Friday, 26 June 2015 - 8:23

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සම්බන්ධීකරණය කටයුතු සඳහා පත් කළ නිදහස් පක්ෂ සය පුද්ගල කමිටුව ඊයේ (25) හිටපු ජනාධිතිවරයා හමුවුණා. මෙම සාකච්ඡාව සාර්ථක වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම කමිටුවේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ.

පසුගිය 19 වන දා මෙම කමිටුව මුල්වරට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. එහිදී වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළඹීමට හැකි වූ බවයි එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ කමිටු සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කර සිටියේ.

පසුගිය දිනෙක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්  හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සය පුද්ගල කමිටුවක් නම් කරනු ලැබුවා. එම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඇතුළත්.