Update: නිවිතිගල ඝාතනයට 6ක් ඇවිත් - පසුපැදිකරු හෙළි කරයි

Tuesday, 30 June 2015 - 13:17

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නිවිතිගල - කොරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් 06 දෙනෙකු සම්බන්ධ බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා සමඟ යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු මෙම කරුණු අනාවරණ කළ බවයි.

ඊයේ (29) රාත්‍රියේ සිදුවු පහරදීම හේතුවෙන් මියගියේ නිවිතිගල ප්‍රදේශයේ පදිංචිව සිටි  38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු තම ආධාරකරුවෙකු බව ඇමතිනී තලතා අතුකෝරාලද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මෙය දේශපාලන ඝාතනයක්ද යන්න පිළිබඳව තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි නමුත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු බවයි ඇය කියා සිටියේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු සිද්ධියෙන් පසුව අද උදෑසන ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා. පසුව ඔහු අද දහවල් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කළා.
Update: Tuesday, 29 June 2015 - 19:48
-----------------------------------------------------
නිවිතිගල ඝාතනයට දේශපාලනය සම්බන්ධදැයි දන්නේ නැහැ

නිවිතිගල - කොරගල්ල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (29) ඝාතනයට ලක්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායකවරයෙකු බව අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. කෙසේ වෙතත් ඇය කියා සිටියේ මෙය දේශපාලන ඝාතනයක් ද යන්න තමාට ප්‍රකාශ කළ නොහැකි බවයි.