ඡන්ද කොමසාරිස් පක්ෂ ලේකම්වරුන් දැනුම්වත් කරයි

Wednesday, 01 July 2015 - 12:44

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ජාවක් හෙට (02) පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ඉදිරියේ සිදු කිරීමට නියමිත නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සහ මහ මැතිවරණයට අදාල අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙනු ඇති. මහ මැතිවරණයට අදාලව නාමයෝජනා භාර ගැනීම ලබන 06 වැනිදා ආරම්භ වන අතර ඊට අදාලව දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදීම ඊයේ සිදු කෙරුණා. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ පිලිගත් දේශපාලන පක්ෂයකින් නියෝජිතයන් 04 දෙනෙකුට නාමයෝජනා ලබා දෙන ස්ථානයට පැමිණිය හැකි බවයි. පක්ෂයේ ලේකම්, කණ්ඩායම් නායක, උප නායක සහ පක්ෂය නම් කරන තවත් පුද්ගලයෙකුට එම ස්ථානයට පැමිණිය හැකියි. ස්වාධීන කණ්ඩායමකට නම් එහි නායක, අපේක්ෂකයෙකුට සහ තවත් අයෙකුට නාම යෝජනා ලබාදෙන ස්ථානයට පැමිණිය හැකි බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියා සිටියේ.