Update: ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 7 ට මාරුවීම්

Wednesday, 01 July 2015 - 13:21

Update%3A+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු ඒ අතර සිටින බවයි.

සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන මොහොතක මෙවැනි ස්ථාන මාරු සිදුකළ හැකිදැයි හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන්. ඔහු කියා සිටියේ මේ මස 6 වැනිදා දක්වා ස්ථාන මාරුවීම් කළ හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි.