කඳුරට ජනතා පෙරමුණ අලියා සමඟ ඡන්දයට - හංසයා තනියම සටනට

Thursday, 02 July 2015 - 8:40

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+-+%E0%B7%84%E0%B6%82%E0%B7%83%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7
ඉදිරි මහ මැතිවරණයට හංසයා ලකුණින් තරඟ කිරීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය අභිලාෂය මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා. 2010 ජනාධිපතිවරණයේදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරඟ කරනු ලැබුවේ හංසයා ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන්.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදුන් බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා. එහි දේශපාලන අංශ නායක අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් හැටන් නගරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

මේ අතර ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ ප්‍රධාන දේශපාලන පක්ෂද ජාතික ගැටළුව විසඳීම සඳහා වන යෝජනා තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද මහ මැතිවරණය සම්බන්ධයෙන් තරඟ කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.