දුමින්ද සිල්වා නැතිව කොළඹ, සන්ධානයට දිනන්න බැහැ ; ඒ නිසා නාමයෝජනා දිය යුතුමයි - ජොන්ස්ටන්

Saturday, 11 July 2015 - 15:18

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%2C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%3B+%E0%B6%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද නිකවැරටියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්ව සිටියා.

සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් දුමින්ද සිල්වාට නාමයෝජනා ලබා දිය යුතු බවයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී අවධාරණය කළේ. චෝදනා කිසිවක් අධිකරණයකදී ඔප්පු වී නොමැති අයෙකුට මෙලෙස නාමයෝජනා ලබානොදීම ගැටලූ සහගත බව ඔහු සඳහන් කළා. ජනතාව වෙනුවෙන් කැපවී සේවය කළ ආර්. දුමින්ද සිල්වා වැනි මන්ත්‍රීවරයෙකු නොමැතිව ඇතමුන් වාසිවලට පක්ෂ මාරු කරන මොහොතක සන්ධානයට ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්න ප්‍රමුඛ කලාකරුවන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඊයේ (10) විරෝධතාවක ද නිරත වුණා. ඔවුන් අවධාරණය කළේ අහිංසක අසරණ ජනතාවට සේවය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදිය යුතු බවයි. විරෝධතාවයට එක්වූ පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ද හමුවුණා.

අනතුරුව මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මහවැලි කේන්ද්‍රය දක්වා පැමිණියා. ඔවුන්ගේ අරමුණ වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත වෙත සංදේශයක් භාරදීමයි. ශාස්ත්‍රවේදී පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් ඇතුළු කිහිප දෙනෙකු අනතුරුව සන්ධාන මහලේකම්වරයා හමුවුණා. 




මේ පිළිබඳව සම්පුර්ණ විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න