Update: මහින්දට මෙහෙයුම් කමිටුවක සභාපති ධූරයක්

Wednesday, 15 July 2015 - 14:00

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දිනයේ පත්කරගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සන්ධාන පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (14) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගතහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට සුදුසු ජ්‍යෙෂ්ඨයින් රැසක් සන්ධානය තුළ සිටින බවයි.