ගෝල්ඩන් කී ගනුදෙනු සහ වත්කම් බෙදා ගත් හැටි සොයන්න, විශේෂ කොමිසමක්

Friday, 24 July 2015 - 18:56

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිදුවු අසාධාරණය පිළිබඳව සහ එහි වත්කම් අනිසි අයුරින් බෙදා ගැනීම පිළිබඳව සෙවීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබාදීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට එක්ව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කිරීම සියලූ දෙනාගේම බලාපොරොත්තුව බවයි.