වස්ගමුව රක්ෂිතයේ ගින්නකින් අක්කර 100ක් විනාශයි

Saturday, 25 July 2015 - 7:41

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
වස්ගමුව රක්ෂිතයේ ඊයේ (24) හට ගත් ගින්නකින් අක්කර 100ක් විනාශ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගින්න මේ වන විට මැඬ පවත්වා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. ගින්න පාලනය කර ඇතත් ස්ථාන කිහිපයකින් සුළු ගිනි ගැනීම් වාර්තා වන බව සදහන්.