හොඳම වෙබ් අඩවි සඳහා සම්මාන පිරිනැමෙන ‘‘bestweb.lk 2015’’ සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන දෙකම හිමිකරගැනීමට ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු නිව්ස් ඩොට් එල්කේ සහ හිරු එෆ්.එම්. ඩොට් එල්කේ. වෙබ් අඩවි සමත්වුණා.
ඒ අනුව ජනප්‍රියම මාධ්‍ය වෙබ් අඩවිය ලෙස ආසියානු මාධ්‍ය ජාලයේ hirunews.lk වෙබ් අඩවිය තේරී පත්වී තිබෙනවා.
ජනප්‍රියම වින්දනාත්මක වෙබ් අඩවිය ලෙස hirufm.lk වෙබ් අඩවිය තේරී පත්වීම විශේෂත්වයක්.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම වෙබ් අඩවි ද්විත්වය සම්මානයෙන් පිදුම් ලැබුවා.
මෙරට ප්රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජී ආයතනය පවත්වාගෙන යන හිරු ප්රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට මෙමගින් තවදුරටත් තහවුරු වනවා.
හිරු ලබාගත් මෙම සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි. ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ටී වී සහ හිරු එෆ්.එම්. නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.

Follow US

Most Viewed Stories