Update : කොටහේනේ වෙඩි තැබීමේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් සහතිකයක්

Saturday, 01 August 2015 - 13:40

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් අද (01) එම ප්‍රදේශයට පැමිණියා. එහිදී පරීක්ෂණ පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසූ පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හැකි ඉක්මණින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

ඊයේ (31) ඇති වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී 42 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ අතර රවී කරුණානායක අමාත්‍යවරයාගේ ආධාරකරුවන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඔවුන් අතුරෙන් තුන්දෙනෙකු බරපතල තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ.

මේ අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාද පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබුණා.
 සිද්ධියෙන් මිය ගිය කාන්තාවගේ නිවස වෙත ඊයේ (31) රාත්‍රියේ ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කළා.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම ලෙස යොදා ගන්නා ලෙසයි. එමෙන්ම කිසියම් පාතාල කණ්ඩායමක් මෙම සිද්ධියට සම්බන්ධ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ද පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව සඳහන්.

 මේ අතර කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්. නාගහමුල්ලගේ ජංගම දුරකථන අංකය වන 071 859 17 53 ට එම තොරතුරු ලබාදිය හැකි බවයි.

 මේ වනවිට බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසලින් සොයාගත් සැකකටයුතු මෝටර් රථයේ හිමිකරු අනාවරණ කරගෙන ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අපරාධ කොට්ඨාශය මෙන්ම පොලිස් කණ්ඩායම් කිහිපයක් සහය ලබාදෙනවා. අදාළ මෝටර් රථයේ තිබී ටී 56 ජීව උණ්ඩ විස්සක් සහ පතොරම් ගැබක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 
Update: Saturday, 01 August 2015 - 19:15
--------------------------------------------------------

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්

කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පිළිබඳ තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ 071 859 17 53 ජංගම දුරකථන අංකයට එම තොරතුරු ලබාදිය හැකි බවයි.

Update: Saturday, 01 August 2015 - 14:18
--------------------------------------------------------
කොටහේනේ වෙඩි තැබීම සිදුවූ තැන පොලිස්පතිගේ නිරීක්ෂණයට

කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය ඇති වූ ස්ථානයට පොලිස්පතිවරයා මීට සුළු වේලාවකට පෙර පැමිණියා.

ඊයේ ඇති මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී 42 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ අතර රවී කරුණානායක අමාත්‍යවරයාගේ ආධාරකරුවන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඔවුන් අතුරෙන් තුන්දෙනෙකු බරපතල තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ.

මේ අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය කාන්තාවගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම ලෙස යොදා ගන්නා ලෙසයි.

එමෙන්ම කිසියම් පාතාල කණ්ඩායමක් මෙම සිද්ධියට සම්බන්ධ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.  සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටියදී කුමන පක්ෂයක හෝ කිසියම් අපේක්ෂකයෙකු පාතාල කණ්ඩායම් යොදා ගන්නේ දැයි විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම්  දී ඇති බව සදහන්.


මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/yaxHuk