ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කරනවා. - අගමැති කියයි #GenElecSL

Tuesday, 04 August 2015 - 19:29

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
ශ්‍රී ලංකාව ප්‍රබල ආර්ථික වෙළඳපොලක් සහිත රටක් බවට පත් කිරීම සඳහා වන වැඩපිලිවෙලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නීතිරීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින්.  තිරසාරභාවය පදනම් කර ගත් අපනයන වර්ධනය යන්න මෙවර එහි තේමාවයි. සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

‘‘රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න අපි යථාර්තවාදීව කටයුතු කරන්න  ඕන. පවතින සංවර්ධනය සඳහා අවශ්‍ය සමාජ ආර්ථික ක්‍රමයක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා පෞද්ගලික අංශයේ චින්තනය වෙනස් කිරීමත් වැදගත්. අපනයන ආර්ථිකය දියුණු කරන්න රටින් පිටත ලෝකය දිහා බලන්න  ඕන. මිලියන ගණනක තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න අපට අපේම වෙළඳපොලක් අවශ්‍යයි. එය අපට හදාගන්න පුළුවන්. ජී.එස්පී. බදු සහනය නැවත ලබාගන්නත් අපට දැන් සාකච්ඡා කරන්න සිදුවෙලා. ඊට පෙර යුරෝපා සංගමය පනවලා තියෙන මාළු තහනම ඉවත් කරගත යුතුයි. මානව හිමිකම් කවුන්සිලයට අප යහපත් ප්‍රතිචාරයක් දැක්වුවහොත් මේ බාධක සියල්ල ඉවත් වෙනවා. යුරෝපය, චීනය, ඇමරිකාව වගේ රටවල වෙළඳපල සමඟ තරඟ කරන්න පුළුවන් අපේම වෙළඳපොලක් අපි හදාගන්න  ඕන. ඒ වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න නීතිරීති සම්පාදනය කරන්නත් අපි සූදානම්.’’