මිරිහානේ සුදුවෑන් සිද්ධියෙන් පසු ලැබුණු දුරකතන ඇමතුමකින් පිරිසක් නිහඬ වුණා

Thursday, 06 August 2015 - 18:49

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F
මිරිහාන සුදුවෑන් සිද්ධියට නම ඈදුනු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් නිසා එක්තරා පාර්ශවයක් නිහඬ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (06) සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ප්‍රසන්න සිල්වා ගැන සහ සුදු වෑන් ගැන, ඔහුගේ සම්බන්ධකම් ගැන දුරකතන ඇමතුමක් ලැබුණු පසු විමල් වීරවංශ සහ මහින්ද පාර්ශවය නිහඬ වූ බවයි. එමෙන්ම, දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටින්නේ රට බෙදීම නොව බලය බෙදීමක් පමණක් බවද අමාත්‍යවරයා ඊට එක්වෙමින් කියා සිටියා.

මේ අතර, වත්තල සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවල පසුගියදා සිදුවූ ඝාතන සිද්ධීන්වලට කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් නොමැති බවද කැබිනට් ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළා.

මේ අතර, පසුගිය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය භාවිතා කර පෞද්ගලික බස් රථ ධාවනය කර ඇති බවටද අද කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. ඒ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය සහ එහි අනුබද්ධ ආයතනවල පසුගිය පස්වසරක කාලය තුළ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ, අවපාලන සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂ විමර්ශන කමිටුවේ වාර්තාවට අනුවයි.

මෙම වාර්තාවට අනුව අදාළ ආයතනවලට සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීම සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළා.

අදාළ විමර්ශන කමිටු වාර්තාවට අනුව ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතු සඳහා ශ්‍රී ලංගම බස් රථ ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 142 ක මුදලක් මෙතෙක් අය නොවීම, ගමනාගමන මණ්ඩලයට සැපයුම්කාර ණය මත නව බස් රථ 2200 ක් මිලදී ගැනීමේදී ලැබිය යුතු වට්ටම් නොලැබී යාමද ඊට ඇතුළත්. එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ආනයනය කළ අධි සුඛෝපභෝගි බස් රථ 20 ක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ධාවනය කිරීම, උතුරු දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ඊට අධික පිරිවැයක් සහ ඇස්තමේන්තු සිදුකිරීම පිළිබඳ ගැටලූ ඇතුළු තවත් අක්‍රමිකතා කිහිපයක් එමඟින් අනාවරණ වී තිබෙනවා.