කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8 ක් මරුට

Friday, 07 August 2015 - 8:22

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ - කාබුල් නුවර අද (07) අලූයම් කාලයේ සිදුවූ ප්‍රබල මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා. කාබුල් ආසන්නයේ ෂා - ෂාහිඞ් ප්‍රදේශයේ සිදුවූ මෙම බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර ළමයින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ නමුත්, මෙම ප්‍රදේශයේ පිහිටි ඉරාක හමුදා කඳවුර ප්‍රහාරකයන්ගේ ඉලක්කය වන්නට ඇති බව සැලකෙනවා. මෙවැනි මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාර තලෙයිබාන්වරුන්ගේ ප්‍රහාරක උපක්‍රමයක් බවයි ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.