වාස්ගේ ඇප අයදුම්පත විසිවේ

Monday, 10 August 2015 - 11:21

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%9A
හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ, මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හමුවේ මෙම ඇප අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදියි.

පසුගිය 3 වනදා මෙම ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ මේ පිළිබඳ තීන්දුව අද ලබාදෙන බවයි.  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර හිටපු මන්ත්‍රිවරයාට අවස්ථා කිහිපයකදී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ අනුවයි ඔහු කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවේ. ජනාධීපති ලේකම් කාර්යාලය අයත් වාහන 23 ක් සාපරාධි, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනුනු අතර ඔහු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.