චීන සංචාරකයන්ට එරට රජයෙන් අවවාදයක්

Sunday, 16 August 2015 - 19:41

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විවිධ අනතුරුවලට මුහුණදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයන්ට අවධානයෙන් කටයුතු කරන ලෙස එරට රජය දැනුම්දී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට දෙවනුව වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට චීනය පත්වුණා. එහෙත්, ඔවුන් විවිධ අනතුරුවලට ලක්වීම පසුගිය කාලය තුළ ඉහළ ගොස් ඇති බවයි ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

මේ වසරේ පළමු මාස 7 තුළ චීන සංචාරකයන් මුහුණදුන් අනතුරු 46 ක් කොළඹ චීන තානාපති කාර්යාලයට වාර්තා වී තිබෙනවා. දියේ ගිලීමේ සිද්ධීන් 3 ක් ඊට ඇතුළත් වන අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ. ඊට අමතරව, සොරකම් සම්බන්ධ සිද්ධීන් 30 කට, චීන ජාතිකයන් සම්බන්ධ වී ඇති අතර, දූෂණ සිද්ධියක්, සර්පයෙකු සපාකෑමක් සහ දුම්රියෙන් ඇද වැටීමේ සිද්ධීන් 3 කට ද ඔවුන් මුහුණදී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයන් මෙරට සංචාරක නීතිරීති වලට ගරු කළ යුතු බවත්, දේශීය නීතිරීති රෙගුලාසි සහ රේගු නීති පිළිබඳව අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්, චීන රජය එරට වැසියන්ට දැනුම්දී තිබෙනවා. එමෙන්ම, මෙරට ආහාර, පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන කටයුතු, සංචාරක ස්ථාන, සාප්පු සවාරි ආදිය පිළිබඳව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවබෝධයක් ලබා ගන්නා ලෙසයි චීන සංචාරකයන්ට දන්වා ඇත්තේ.