නව දේශපාලන සංස්කෘතියකට අගමැතිගෙන් ආරාධනා #GenElecSL

Tuesday, 18 August 2015 - 19:15

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%23GenElecSL
ජයග්‍රාහකයින් සහ පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී එකම මවකගේ දරු කැලක් ලෙස ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ කාර්යයට එක්විය යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ජනවාරි 8 වනදා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය වෙනුවෙන් මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිදහස් හා සාමකාමී මැතිවරණයක් පවත්වමින් උදා කර ගත් යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක්.

නව යුගයේ අභියෝගයන්ට මුහුණදී රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට එකම හදවතකින් සියලූදෙනා සහය දිය යුතුයි. ඒ අභියෝගාත්මක කාර්ය සඳහා එක්වන ලෙස සැමට ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.