අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි

Wednesday, 19 August 2015 - 9:29

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (20) දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කිරීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ.

 මන්ත්‍රීධුර 113 සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා  මේ වන විට ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පක්ෂයක් ලෙස ඊයේ සවස ජනාධිපතිවරයා මුණ ගැසුණු බවයි.

මේ අතර, සම්මුතිවාදී පාලනයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවලට ආරාධනා කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. හෙතෙම මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. පාර්ලිමේන්තුව තුළ තේරීම්කාරක සභා ඇති කර එම සම්මුතිවාදි ආණ්ඩුව සාර්ථක කර ගත හැකි ආකාරය ද  මෙහිදී පැහැදිලි කර සිටියා.

එක් එක් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද අනුව දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග  වැදුණු රනිල් වික්‍රමසිංහයි. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ පන්සියහැටහයක්.