පාර්ලිමේන්තුවේ අසුන්ගෙන, දිගටම දේශපාලනය කරනවා

Wednesday, 19 August 2015 - 15:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
පාර්ලිමේන්තුවේ අසුන් ගෙන මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අවසන්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්. ලැබූ ජන වරමට අනුකූලව තමන් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවද එහි සඳහන්. නොයෙකුත් අභියෝග මධ්‍යයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ මෙම ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා සන්ධානයට ඡන්දය දුන් සියලූ ඡන්දදායකයින්ට සහ පක්ෂය වෙනුවෙන් කැපවූ සියලූදෙනාට සිය ස්තූතියද පුදකර සිටියා.