බෑන් කී මූන් ජනපතිට සුබ පතයි

Thursday, 20 August 2015 - 8:09

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
සාමකාමී සහ සාර්ථක මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සුබපැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (19) පස්වරුවේ දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා වෙත මහ ලේකම්වරයා සුබපැතුම් එක් කළ බවයි. 

මැතිවරණය නීතිගරුකව කිසිදු බලපෑමකින් සහ හිංසනයකින් තොරව පැවැත්වීමට හැකිවීම පිළිබඳවද එහිදී, ජනාධිපතිතුමාටත් රජයටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ප්‍රසාදය පළ කර තිබෙනවා. මෙම හැකියාව ශ්‍රී  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රජයන බවට මනා සාක්ෂියක් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ.

මේ අතර බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු ලේකම් පිලිප් හැමොන්ඩ් - එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් එක්කර තිබෙනවා. මැතිවරණය පවත්වන ලද ආකාරය ශ්‍රී ලාංකිකයන් වෙත පිදූ  සම්මානයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ. එමෙන්ම නව ආණ්ඩුව සමඟ අඛණ්ඩව වැඩකටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි සුබපැතුම් එක් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් සඳහන් කළේ.

 මේ අතර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පාලනයක් ගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ද ඊයේ සුබපැතුම් එක් කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ යහපාලනය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිලාභ ලැබෙන රජයක් පවත්වාගෙන යාමට දිරිදෙන බවයි. එමෙන්ම සාමකාමී මහමැතිවරණයකින් පසු බලයට පත් නව රජයට සිය සුභාශිංසන එක් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ද ප්‍රකාශ කළා.

මේ අතර,  වැඩිම මනාප හිමිකරගත්-   නායක රනිල් වික්‍රමසිංහට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි ද සුබ පැතුම් එක් කර තිබුණා