ශෂී වීරවංශ FCIDයට එයි - ගම්මන්පිල විමර්ශන ඒකකයට

Thursday, 20 August 2015 - 10:41

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියා. ඒ, ශෂී වීරවංශ ඇතුලූ පවුලේ සාමාජිකයන් දැනට පදිංචිව සිටින කඩුවෙල පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් ප්‍රකාශයක්  ලබාදීම සඳහායි.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.