Update: ජාතික ආණ්ඩුවකට ජනපතිට අනුමැතියක් - චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

Thursday, 20 August 2015 - 11:32

Update%3A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-++%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා  නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අද (20) උදෑසන රැස්වූ මධ්‍යම කාරක සභාව ඊට අනුමැතිය ලබාදුන් බවයි නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.

ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය හිමිවූ බව ඔහු සඳහන් කළා.

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මධ්‍යම කාරක සභාවට පැමිණ ඇත්තේ වසර 10කට පමණ පසුවයි.

මෙහිදී මාධ්‍යවේදීන්  පක්ෂයේ තනතුරුවල ඇතිකළ වෙනස්කම් පිළිබඳව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණවලට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවූ බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රී පාලගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කන්ඩායමේ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.