TNA එක්වීම - යුක්තිය ජයගැනීම - නව ගොඩනැගීම

Thursday, 20 August 2015 - 13:19

TNA++%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8++-+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+-+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8
ඉදිරි අවශ්‍යතා අනුව රජයට සහය ලබාදීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ජනවාරි 8 වනදා ජනතාව ලබාදුන් ජන වරමට අනුව රජය කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

 මේ අතර එක්සත් යහපාලන ජාතික පෙරමුණ සහ නව සමසමාජ පක්ෂය කොළඹදී අද (20) මාධ්‍ය හමු දෙකක් කැඳවා තිබුණා. එක්සත් යහපාලන ජාතික පෙරමුනේ මාධ්‍ය හමුවට එක්වූ එහි ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලයට අනුව නව  නිදහස් පක්ෂයක් ගොඩනැගීමට නායකයින් සහ පාක්ෂිකයින් ඒකරාශී විය යුතු බවයි.

 නව සමසමාජ පක්ෂය කොළඹ කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ මෙවර මැතිවරණයේදී අයුක්තිය පරදා යුක්තිය ජයගත් බවයි.