උත්තර දෙන්න ආපු ශෂී, කබ්රාල් සහ ගම්මන්පිල පිටව යයි

Thursday, 20 August 2015 - 17:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%81%E0%B7%82%E0%B7%93%2C+%E0%B6%9A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශ අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා. එමෙන්ම, අද දිනයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබුණා. ඒ පෞද්ගලික ආයතනයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. ඔහුද සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගිය බව සඳහන්. එමෙන්ම, අද දිනයේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.