මහින්දගේ සුහද හමුවට නිමල්, සුසිල්, ජෝන්, අනුර යාපා නැහැ

Thursday, 20 August 2015 - 19:22

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද (20) පැවති සුහද හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයන් බහුතරයක් සහභාගි වී නැහැ. නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම ජෝන් සෙනෙවිරත්නද ඊට සහභාගි වී නොසිටි බවයි වාර්තා වන්නේ.

කොළඹ පිහිටි බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වූ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රසන්න රණතුංගගේ නිල නිවසේදී එම සුහද හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන හිටපු ජනපතිවරයාට සහය පළ කරන මන්ත්‍රීවරුන් 60 ක් පමණ සහභාගි වී තිබෙනවා.

මෙහිදී බහුතරයේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සහය නොදිය යුතු බවයි. ඇතමුන්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය භාර ගැනීම කළ යුතු බවට අදහස් පළ කර තිබෙනවා. එහෙත්, එසේ නොවී හිටපු ජනපති යන තනතුරේ ගෞරවය රැකගනිමින් කටයුතු කළ යුතු බවයි සන්ධානයේ ඇතැම් නායකයින් පවසා ඇත්තේ.

සන්ධානයේ ජයග්‍රහණයට කැප වූ සියලූ දෙනාට ස්තූති කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තමන් තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ බව පවසා තිබෙනවා. විපක්ෂයට මන්ත්‍රී ධුර 95 ක් ලබාගැනීම සඳහා නායකත්වය දීමට හැකිවීම ගැන සතුටු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.