Update : ජාතික ආණ්ඩුව පිළිබඳ සොයා බලන නිදහස් පක්ෂ කමිටු දෙකේ වාර්තා ජනපතිට - අද යළි රැස්වේ

Thursday, 20 August 2015 - 19:23

Update+%3A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු දෙකේ වාර්තා එහි සාමාජිකයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ (20) පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කමිටු සාමාජිකයන් අතර පැවති කෙටි සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර ඇත්තේ අද පස්වරු 02 ට නැවතත් එම වාර්තාවල අඩංගු දෑ පිළිබඳව යළි සාකච්ඡා කිරීමටයි.

ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීම සඳහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිවරයා විසින් ඊයේ පත්කළා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එම කමිටුව සාකච්ඡා කරනවා.

එමෙන්ම, ඊයේ පෙරවරුවේ රැස්වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීද ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් සයපුද්ගල කමිටුවක්ද පත්කරනු ලැබුවා.

Update : Friday, 21 August 2015 - 7:47
---------------------------------------------------------
නිදහස් පක්ෂය මොකද කරන්නේ, වාර්තාව පැය 24 කින් ජනපති අතට

ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීම සඳහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. එම කමිටුව විසින් සකසන වාර්තාව පැය 24 ක් තුළ ලබාදීමටයි තීරණය වී ඇත්තේ. පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන්ට සුබ පැතීම සහ නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණු බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

ජෝන් සෙනෙවිරත්නගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම යන අය ඇතුළත්. එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියයි.