ලංගම බස්රථ ඡන්දෙට යොදා ගත්තාට නඩු පවරයි

Friday, 21 August 2015 - 8:06

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක රැළි සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබාගත් බස් රථ සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 142 ක මුදල නොගෙවීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය කොළඹ වාණිජ අධිකරණයේ නඩු පවරා තිබෙනවා. එමඟින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවකට ලේකම්වරයාව සිටි සුසිල් ප්‍රේමජයන්ත, නිදහස් පක්ෂයේ එවකට ලේකම්වරයාව සිටි අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ අමල් සේනාධිලංකාර වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.