විදෙස් තානාපතිවරුන් ජනපතිට සුබ පතයි

Saturday, 22 August 2015 - 8:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව දිවයිනට පත්ව ආ නව තානාපතිවරුන් 3 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය සුබ පැතුම් පළ කළා. ඒ, තානාපති ධුරවලට අදාළ අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවයේදියි.

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස අතුල් කේශප්, ඉතාලි තානාපතිවරයා ලෙස පා ඕලෝ බාර්ටෝලි සහ නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ජොඈන් ඩොර්නෙවර්ඞ්ස් මෙහිදී අක්තපත්‍ර භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව සමඟ වෙළඳ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔවුන් සහාය වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී විශ්වාසය පළ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියක් සඳහා වූ මෙරට ජනතාවගේ අවංක කැපවීම පිළිබඳව තමන් විස්මයට පත්වූ බවයි ඉතාලි තානාපතිවරයා සඳහන් කළේ. නව ඇමරිකානු තානාපති කේශප් ජනාධිපති බැරක් ඔබාමාගේ සහ රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සුබ පැතුම් මෙහිදී පිරිනැමුවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.