ප්‍රංශයේ අධිවේගී දුම්රියකදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුණු ත්‍රස්තයෙකු මෙල්ල කරයි

Saturday, 22 August 2015 - 11:01

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
උතුරුදිග ප්‍රංශයේ තලීස් ප්‍රදේශයේදී අධිවේගී දුම්රියක මගීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුණු ත්‍රස්තවාදියෙකු එහි ගමන් ගත් ඇමරිකානු මැරීන් භටයන් දෙදෙනෙකු විසින් ඊයේ මෙල්ල කර තිබෙනවා. කෙසේ නමුත්, මොරොක්කෝ ජාතික 26 හැවිරිදි මෙම ත්‍රස්තවාදියා වෙඩි තැබීමත් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. මොහු රයිෆලයකින්, පිහියකින් සහ ස්වයංක්‍රීය පිස්තෝලයකින් සන්නද්ධව සිටි බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්වී සිටි අතර, අනෙක් පුද්ගලයා පිහි පහරට ගොදුරු වූ අයෙක්.