හොරණ බස් එක - හැටන් තේ වත්තේ බැහැලා - 10ක් තුවාලයි

Saturday, 22 August 2015 - 9:39

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+-+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8F+-+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හොරණ සිට නුවරඑළිය බලා විනෝද චාරිකාවක පැමිණි පෞද්ගලික බස් රථයක් හැටන් - ස්ටැඩන් ප්‍රදේශයේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් වටවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්. අධික වේගයෙන් ධාවනය වූ බස් රථයේ රියදුරු අසුන අසළ තිබෙන දොර විවෘත වී රියදුරා ඉවතට විසි වී ඇති අතර, අනතුරුව බස් රථය ප්‍රපාතයට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.















































ඡායාරූප - රංජිත් රාජපක්ෂ - හැටන්