මහලේකම් තනතුරෙන් පහකෙරෙයි

Saturday, 22 August 2015 - 14:51

%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් වයි.එල්.එස් හමීඞ් එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් කොළඹදී අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මහලේකම්වරයා තම පක්ෂයට ලබාදෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඉල්ලා සිටි බවයි. එහෙත් ඒ සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නම් කළේ එම්.එච්.එම්. නවාවි නමැත්තායි.

මෙම තත්ත්වය හමුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ වයි.එල්.එස් හමීඩ් - පක්ෂ නායක රිෂාද් බදියුදීන් මෙන්ම පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඔහු තනතුරෙන් ඉවත් කර ඇත්තේ. එමෙන්ම, පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස වෛද්‍ය ඒ.එල්. සාජහාන් පත් කර තිබෙනවා.