ශිෂ්‍යත්වය අදයි

Sunday, 23 August 2015 - 7:05

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2907කදී  පැවැත්වෙනවා. ඒ සඳහා අපේක්ෂකයින් 340926 දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබෙනවා. විභාගයට පෙනී සිටින පාසල් දරුවන් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත කැඳවා ගෙන එන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ.

විභාගයේ පරිපාලන කටයුතු සඳහා 26,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.
විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.15 දක්වා විනාඩි 45ක කාලයක් පැවැත්වෙනවා.

දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 1යි විනාඩි 15ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 9 වන විට අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගත යුතුයි. අපේක්ෂකයින් තමාට අදාළ විභාග අංකය පාසල් නිළ ඇඳුමේ වම් පස පැළද සිටිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට විශේෂ දුරකථන අංක කිහිපයක් ද විභාග දෙපාර්තමේන්තුව ලබාදී තිබෙනවා.
 ඒ අනුව
1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකයට හෝ
0112 784208,
0112 2784537 අංකවලට අමතා පැමිණිලි හෝ විමසීම් සිදුකළ හැකියි.

----
පොළොන්නරුව රාජකීය විද්‍යාල විභාග මධ්‍යස්ථානයට පෙරවරුවේ දරුවන් පැමිණි සිටි අයුරු ....




(ඡායාරූප තුෂාර තෙන්නකෝන්)