උතුරු - දකුණු කොරියානු සාකච්ඡා අදත්

Sunday, 23 August 2015 - 11:21

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැන නැගී ඇති රාජතාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් අද (23) නැවතත් සාකච්ඡාවක් පැවැත්වෙනවා. දකුණු කොරියාව, උතුරු කොරියාවට එරෙහිව දේශසීමා ප්‍රදේශයේ සිදු කරන ගුවන් විදුලි ප්‍රචාර නතර කරන ලෙසයි උතුරු කොරියාව ඉල්ලා සිටින්නේ. ඒ සඳහා ලබාදී තිබූ කාලවිරාමය ඊයේ අවසන් වුණා.

මෙම ගැටළුව මුල් කරගෙන දෙරට අතර යුද තත්ත්වයක් හටගැනීමේ අවදානමක්ද පැවති අතර, ඒ අතරතුරයි ඊයේ දෙපාර්ශවයේ සාකච්ඡාවක් පැවැත්වුණේ. පැය 10 ක් තිස්සේ පැවති සාකච්ඡාවේදී අවසන් විසඳුමකට එළඹීමට නොහැකිවීම හේතුවෙන් දෙපාර්ශවයේ ඉහළ පෙළේ නිලධාරීන් අදත් සාකච්ඡාවක් පවත්වනවා.