පක්ෂ ප්‍රතිපත්ති තාවකාලිකව පසෙක තබා රට ගොඩනැගීම සඳහා එක්වන්න - මල්වතු මහානාහිමියන්

Sunday, 23 August 2015 - 18:57

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගෙන අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් බැහැ දුටුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

පළමුව අස්ගිරි මහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන් බැහැ දුටුවා. එහිදී මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සඣඡායනා කර ඉදිරි ගමනට ආශිර්වාද කළ අතර, අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයට පැමිණියේ. එහිදී ද ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සෙත් පිරිත් සඣඡායනා කර ආශිර්වාද කළා.

එහිදී අනුශාසනාවක් කළ මල්වතු මහනාහිමියන් අග්‍රාමාත්‍යවරයාගේ දීර්ඝ දේශපාලන ජීවිතය පිළිබඳ සිහිපත් කරමින් සියලූ දේශපාලන පක්ෂ සමඟ එක්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙලකට අවතීර්ණවීම පිළිබඳව ප්‍රශංසාව පළ කළා. සියලූ දේශපාලන පක්ෂ රට ගැන සිතා තම දේශපාලන දර්ශනයක් මඳකට පසෙක තබා හෝ රට ගොඩනැගීමට එක්විය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

විප්ලව දෙකක් අවසන් කළාසේම රට ගොඩ නැගීමේ විප්ලවය ද සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කළ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් කෘෂි ආර්ථික ගොඩනැංවීමේ වැදගත්කම ද පැහැදිලි කළා. මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත්තේ.